නවතම පුවත්

රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ජනපති ස්කොට්ලන්තයේදී සාකච්ඡා

Roshan

Roshan


දම්පත් රණසිංහ

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන, ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගිවීමට ස්කොට්ලන්තයට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් සමග ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා සාකච්ඡා පවත්වා තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපතිවරයා පෙරේදා (02) එම සාකච්ඡාවන්හි නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා මහතා එහිදී සාකච්ඡා කර තිබේ.

ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදුකරන අතර එම ගුවන් වාර සංඛ්‍යාව වැඩිකිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳව ජනාධිපතිවරයා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා අතර සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදුව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිවරයා සමග මෙහිදී පවසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි මහතා, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදාකර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්