ඉදිරියේදී රට තුළ ඇති විය හැකි ආහාර අර්බුදයේ තත්ත්වය හොදින් වටහා ගනිමින් ඉන් මිදීම සදහා සැලසුම් සකස් කළ යුතු බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අනතුරු අඟවා සිටී .
ඔහු පෙන්වා දුන්නේ මෙවර යල කන්නයේ වී අස්වැන්න සියයට 50 කින් පමණ අඩුවනු ඇති බවයි.
මතුවිය හැකි ආහාර හිගය අවම කර ගැනීම සදහා එළඹෙන මහ කන්නයේ සාර්ථක කර ගැනීම සදහා දැන් සිටම බිත්තර වී සපයා ගැනීම වැනි අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය .
බඩඉරිගු සහ එළවළු වගාවන් සදහා වැඩි අස්වැන්නක් ලබාගත හැකි බීජ සපයා ගැනීමටද දැන් සිටම සැලසුම් කළ යුතු බව මහාචාර්ය බුද්ධි මාරඹේ වැඩිදුරටත් පෙන්වා දේ.