යල කන්නයේ වී කිලෝව රජය 50ට ගනී

Picture of අසංක

අසංක

යල කන්නයේ වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් වී අලෙවි මණ්ඩලය වෙත දැනටමත් නිකුත් කර ඇත.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩාද මේ වනවිට විවෘත කර ඇති බව වාර්තාවේ පසුගිය වසරවල නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කටත් මිලදී ගෙන තිබුණි.

නමුත්මෙවර සියලුම වී වර්ග කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් මිලදී ගන්නා බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත