නවතම පුවත්

යහපාලන ආණ්ඩුවේ දුම්වැටි බදු ප්‍රතිපත්ති නිසා රජයට බිලියන 100ක් අහිමි වෙලා

අසංක

අසංක

පසුගිය රජය සමයේ සිගරට් කර්මාන්තයට අදාලව ක්‍රියාත්මක කල වැරදි බදු ප්‍රතිපත්ති හේතුවෙන් රටට අහිමිවූ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 100කට ආසන්න බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කල නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

පසුගිය රජය සමයේ මෙම නිවැරදි නොවූ ප්‍රතිපත්ති හේතුවෙන් එම කාලය තුල දුම්කොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 170000 ඉක්මවා ඇති බවද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වාදේ.

විවිධ රජයන් වල විවිධ මුදල් අමාත්‍යවරුන් යටතේ බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ලාභය ඉහල ගොස් ඇති ආකාරය මෙම වාර්තාවේ දක්වා ඇත.

ඒ අනුව එම සමාගම වැඩිම ලාභයක් ලබා ඇත්තේ , රවී කරුණානායක මහතා හා මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධූරයන් දැරූ පසුගිය රජය සමයේ බවද තහවුරුවී ඇත.

ශ‍්‍රි ලංකාවේ සිගරට් කර්මාන්තය ඒකාධිකාරියක් වන බැවින් සිගරට්වල බදු ප‍්‍රමාණය සහ වෙළදපොළ මිල යන දෙකම වසර 2005 දක්වාම රජය විසින් තිරණය කිරීම නිවැරදිව සිදුකර ඇත, නමුත් එතැන් සිට යම් යම් අඩුපාඩු රැසක් සිදුව ඇති අතර එය පසුගිය රජය සමයේ බරපතල මට්ටමකට පැමිණ ඇති බවද සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇත .

තම සමීක්ෂණ වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මෙසේද නිවේදනය කර ඇත.

‘මහජනයා විසින් පත්කරගත් රජයක් කළ යුතුව ඇත්තේ, රටට වාසිදායක ලෙස ආර්ථික ප‍්‍රතිපත්ති සකස්කිරීම හා විදේශීය සමාගම් හා ව්‍යාපාරික ලෝකයට අවශ්‍ය ආකාරයට රටේ සම්පත් පිටරටවලට ඇදගැනීම වැළැක්වීමය.

සිගරට් බදු සම්බන්ධ මෙම ක‍්‍රියාවලියේදී මහජන මුදල්වලින් යැපෙන මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහ දේශපාලඥයින්ගේ මූලික වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇති බව පැහැදිලිය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් හා දේශපාලන පක්ෂ මේ තත්වය වෙනස් කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාදැයි මහජනතාවට පැහැදිලි කළ යුතුය.

එසේ කිරීම අතිශයින් වැදගත්වන්නේ, මෙම කරුණු මත තීරණගන්නා සැලකිය යුතු ඡන්ද දායකයින් ප‍්‍රමාණයක් විමසිල්ලෙන් බලා සිටින බැවිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්