නවතම පුවත්

සංචාරක සේවා කොන්දේසි ලිහිල් කෙරේ

අසංක

අසංක

සංචාරක සේවා ආයතන , ලියාපදිංචි කිරීමට අදාළ කොන්දේසි ලිහිල් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එසේම එම ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයද පහසු කිරීමට අධිකාරිය තීරණය ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මෙනෙවිය අප වෙබ් අඩවිය වෙත පැවසීය .

සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයින් වැඩි වශයෙන් අධිකාරිය සමග සම්භන්ධ කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාවට නංවන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කලාය ,

විශේෂයෙන්ම සංචාරක සේවා ආයතනවල ඉඩම් අයිතිය සම්භන්ධව පවතින කොන්දේසි ලිහිල් කිරීමට අධිකාරියේ අවධානය යොමුව ඇති බවද ඇය මෙහිදී පැවසීය .

දැනට අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති මෙවැනි සේවා ආයතන සංඛ්‍යාව 2500 ක් පමණ වන නමුත් එසේ ලියාපදිංචි නොවුණු ආයතන ගණන 20000 ඉක්මවන බවද ඇය පැවසුවාය .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කරුණු දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙසේද පැවසීය .

” සංචාරක සංවර්ධන අධිකාරියෙන් , ලබාදෙන සහනවලට හිමිකම් කිව හැක්කේ අධිකාරියේ ලියාපදිංචි වී ඇති ආයතන හා පුද්ගලයින්ට පමණයි , නමුත් තවමත් බොහෝ සංචාරක සේවා සපයන ආයතන හා පුද්ගලයින් අප යටතේ ලියාපදිංචි වී නොමැති බව නිරීක්ෂණය වී තිබෙනවා . ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ලියාපදිංචිය සඳහා දක්වා ඇති නිර්ණායක හා කොන්දේසි දැඩි හා සංකීර්ණ වීමයි , ඒවා ලිහිල් කිරීමට අප තීරණය කලේ එම නිසයි .

උදාහරණයක් ලෙස යම් සංචාරක සේවා ආයතනයක් වසර දහයකට වැඩි කාලයක් යම් තැනක පවත්වාගෙන යනවානම් ,ඊට ව්‍යාපාර ලියා පදිංචිය මෙන්ම ග්‍රාමසේවක නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලිපිද ඇත්නම් ඔහුට තාවකාලික අපගේ අධිකාරියේ ලියාපදිංචියක් ලබාදීමට කටයුතු කරනවා .

 

ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මෙනෙවිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්