යහපාලන ආණ්ඩුවේ වංචා ගැන පැමිණිලි රැසක්

Picture of අසංක

අසංක

වත්මන් යහපාලන රජයේ පාලන කාලය තුල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි 333ක් ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වනවිට ලැබී ඇත.

රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම ආදිය පිලිබඳ පැමිණිලි මේ අතර වන බව කොමිසම සඳහන් කර සිටී.

පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදායින් අවසන් කෙරෙන බවද කොමිසම සඳහන් කර සිටී.

ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැක.

112 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබදව වාචික තොරතුරු ඉදිරිපත් කළ හැක.

පැතුම් වික්‍රමරත්න