නවතම පුවත්

යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසදී

ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ අරමුණින් පවත්වනු ලබන දෙවැනි ආගමික උත්සවය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවෙහිදී හෙට (30) දින උදෑසන පැවැත්වේ.

අලංකාරවත් පෙරහැරකින් යුද්ධ හමුදාවට සහ ධජයන්ට ආශිර්වාද එක්කිරීම සඳහා මහා සංඝරත්නය උඩමළුව වෙත වැඩම කිරිමෙන් පසුව සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ හඬ මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් ගෞරවාන්විතව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැනපත් කර ගරුතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද කරනු ලැබේ.

මෙම ධජයන්ට සෙත්පැතීමේ අවස්ථාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් මනුෂිය මෙහෙයුම්වලදී රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් අනුරාධපුර පිහිටා ඇති අභිමංසල සුවසහන නිකේතනයෙහි සංචාරය කිරීමට ද නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්