නවතම පුවත්

යුද හමුදාපති ශවේන්ද්‍රට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ

අසංක

අසංක

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ විදේශ මෙහෙයුම් සහ අනුබද්ධ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ මෙම තහනම ක්‍රියාත්මක බවයි.

මේ යටතේ විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට තීන්දු කොට ප්‍රකාශයට පත්කෙරේ.

එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් නියම කෙරේ.

ශවේන්ද්‍ර සිල්වාට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත.

අවසන් ගැටුම් සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි මෙරට ආරක්ෂක අංශ හා පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා එල්ල වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්