නවතම පුවත්

යුධ විරුවන් සිහිකර රෑ 07 පහණක් දල්වමු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව (මැයි 19 දින) රණවිරු අනුස්මරණ උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන්, රට වෙනුවෙන් දිවිපිදු සහ අතුරුදන්වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අද (19දා) දින සවස 3.30 ට පැවත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එසේම, සාමයේ “දසවර්ෂාභිශේක” සැමරුම වස් සාමයේ පහන් දැල්වීම ද මෙවර රණවිරු සැමරුම වෙනුවෙන් සංවිධානය කර ඇති තවත් සුවිශේෂි අංගයකි.

මෙහිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් 2019 මැයි මස 19 වන දින සවස 0700 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙවර රණවිරු සැමරුම් උළෙල තවත් සුවිශේෂි සැමරුම් අංගයක් ලෙස සාමයේ “දසවර්ෂාභිශේක” සැමරුම සනිටුහන් කිරීම සඳහා වෙල්ලිමුල්ලිවෛක්කාල් රණවිරු ස්මාරකය පිළිබිඹු වන පරිදි නිර්මාණය කරන ලද මුල් දින කවරය හා සමරු මුද්දරය 2019 මැයි මස 22 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි එළිදැක්වීමට නියමිතව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්