යුරෝපයෙන් අලුත් කොවිඩ් රැල්ලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුරෝපය යළිත් කොවිඩ් රැල්ලක් සමග සටන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටී .

පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් එම සංවිධානය කණස්සල්ලෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් ක්ලූග් අනතුරු අගවා සිටියේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි පියවර නොගතහොත් එළඹෙන මාර්තු මාසය වන විට තවත් කොරෝනා මරණ පන් ලක්ෂයක් පමණ යුරෝපයෙන් වාර්තා විය හැකි බවය

දැනට පවතින තත්ත්වය අනුව මුඛ ආවරණ පැළඳීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීම කොරෝනා ව්‍යාප්තියේ පාලනයට උපකාරී විය හැකි බව ද ඔහු සඳහන් කර ඇත

යුරෝපා කලාපයට අයත් රටවල් කිහිපයකින් මේවනවිටත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හඳුනා ගැනෙන අතර  පවතින තත්ත්වය හමුවේ නව කොරෝනා සීමා පැනවීමට හා අගුළු දැමීම්වලට මුහුණ දීමට ඇතැම් රටවල්වලට මේවවවිටත් සිදුව ඇත.

. එම රටවල් අතරට ඔස්ටි්‍රයාව, ජර්මනිය, බෙල්ජියම හා පෝලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් කිහිපයක් අයත්වේ.

. එළඹෙන උත්සව සමය හේතුවෙන් මහජනතාව සිය සුපුරුදු ජීවන රටාවට අනුගත වීමට පෙර එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට රටවල් රැසක් මේවනවිටත් උත්සහ දරමින් සිටි