නවතම පුවත්

යුරෝපයේ සිට ලංකාවට ඍජු ගුවන් ගමන් යළි ඇරඹෙයි

අසංක

අසංක

2016 වසරේ දී නවතා දමන ලද යුරෝපයේ සිට ශ්‍රි ලංකාවට පැමිණෙන ඍජු ගුවන් ගමන් සේවාව කඩිනමින් නැවත ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය කටයුතු කරන බව සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටී .


පසුගිය 2016 වසරේදී මෙම ගුවන් ගමන් සේවා අත්හිටවනු ලැබූ බවත් ඒ හරහා මෙරට සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑම් එල්ලවූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .


ගුවන් සේවා හා සංචාරක ව්‍යාපාරය එකම අමාත්‍යාංශයක් යටතට පවරා ගැනිම තුළින් මෙම කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇති වි ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
ප්‍රංශ හා බෙල්ජියමේ ජනමාධ්‍යවේදීන් පිරිසක් ශ්‍රී ලංකාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක වෙනුවෙන් පැමිණීම නිමිත්තෙන් ) මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ .

කොනයිසාන්ස් ඩී සෙලාන් (Connaissance de Ceylan) සහ Theme Resorts & Spas හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මුලපිරීමකට අනුව මෙම සංචාරය සංවිධානය කරන ලදී.

ප්‍රංශයේ ප්‍රමුඛතම සංචාරක සේවා මෙහෙයුම් සමාගමක් වන Salaun Holidays හි හිමිකරු සහ සභාපති Michel Salaun මහතා ද මෙම සංචාරයට එක්ව සිටීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට සහභාගි වු ප්‍රංශ තානාපති මිචෙල් සැලූනා (Michel Salaun)මහතා පැවසුවේ,මෙම මාධ්‍යවේදීන්ගේ සංචාරය නිසා දිර්ඝ කාලයක් තිස්සේ පැවති යුරෝපය හා ශ්‍රි ලංකික සබඳතාවයන් වඩාත් ප්‍රබල තත්ත්වයකට පත් පත් වූ ඵලදායිතාවයට පත් වූ අවස්ථාවක් බවයි.

මේ අවස්ථාවට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කුමාරි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගී වුහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්