නවතම පුවත්

යුරෝපය නැවත වසා දැමෙන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග  යුරෝපය යළිත් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කර ඇත .

දැනටමත් දැඩි කොරෝනා රෙගුලාසි කි‍්‍රයාත්මක යුරෝපා රටවල් කිහිපයක්ම එම රෙගුලාසි තවත් දැඩි කිරීම  සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බවද  විදෙස් වාර්තා පෙන්වා දෙ.

ඒ අනුව යුරෝපය යළි වසා දැමීමේ අවදානම තීව‍්‍ර කරමින් එංගලන්තය සති 06 ක කාලයක් සඳහා අද වසා දැමුණු අතර ස්කොට්ලන්තය ද අද රාති‍්‍රයේ අර්ධ වශයෙන් වසා දැමේ .  අයර්ලන්තය හා වේල්සය ද පවතින්නේ දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්වය.

මේ අතර නත්තල් සැමරුමට සමගාමීව ඉතාලියට පනවා තිබූ කොරෝනා රෙගුලාසි තවදුරටත් දීර්ඝ කිරීමටයි එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉතාලියේ කොරෝනා රෙගුලාසි ලබන ජනවාරි මස 15 වනදා තෙක් බලපැවැත්වෙනු ඇත. එම කාලයේ එරට  මත්පැන් අලෙවිසැල් හා ආපනශාලා විවෘත වන්නේ  ඇනවුම් ලබාදීම සඳහා පමණි .

මේ අතර දැනටමත් වසා දමා ඇති ජර්මනිය ද එම සීමා තවදුරටත් දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත. ඒ අනුව ජර්මනිය තවදුරටත් වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්, අද තීරණයකට එළඹෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්