යුරෝපා මැතිවරණ නිරීක්ෂණ වාර්තාව සිකුරාදා එළියට

Picture of අසංක

අසංක

පසුගිය ජනාධිපතිවරණයට අදාළ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කිරීමට නියමිතය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ (EU EOM) ප්‍රධාන නිරීක්ෂක මාරිසා මාටියාස් විසින් මෙම වාර්තාව කොළඹදී ඉදිරිපත් කරනු ඇත.

2019 ඔක්තෝබර් මැද සිට දෙසැම්බර් මැද භාගය දක්වා, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන නිරීක්ෂකයින් 60 දෙනෙකු නොවැම්බර් 16 ජනපතිවරණය සඳහා යොදවා තිබුණි.

අවසාන වාර්තාව සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් වන අතර අනාගත මැතිවරණ වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ 23 ක් එහි අඩංගු වේ.