නවතම පුවත්

යුරෝපා GSP+ බදු සහනයත් අපට අහිමිවේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP+ බදු සහනය  තාවකාලිකව ඉවත් කර ගන්නා  ලෙසට යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී  ඊයේ (10) සම්මත වී ඇත .

මෙම යෝජනාවට ගෙන ඒමට හේතුව ලෙස දක්වා ඇත්තේ , ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වීමයි .

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබේ. තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

තව ද සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළ බවට ද වාර්තා වේ.

මේ අතර සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයින්, ලේඛකයින් නිසි ක්‍රියාදාමයකින් තොරව අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සම්මත කළ අදාළ යෝජනාව මගින් දැඩි අවාධානයකට යොමු කර ඇත.

මෙහිදී හිජාස් හිස්බුල්ලා මෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, නිසි චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වහාම ලබා දෙන ලෙස හෝ කිසිදු චෝදනාවක් නොමැති නම්, ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු කොන්දේසිය මත 2017 මැයි 19 වනදා ශ්‍රී ලංකාව GSP+ සහනය යළි ලබා ගත් බවද එහි සඳහන් ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්