නවතම පුවත්

යේමනයේ නව කැබිනට් මණ්ඩලයට ඉලක්ක කර ගුවන් තොටුපලේදීම බෝම්බ ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යේමනයේ දකුණු දිග ඒඩ්න් නගරයේ ගුවන්තොටුපලට එල්ලවූ ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

අලුතින් පිහිටුවන ලද සංධාන රජයේ බලය බෙදා ගැනීම සම්බන්ධව සෞදියේ පැවති සාකච්ඡා අවසන්වී නව කැබිනට් මණ්ඩලය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් සුළු මොහොතකට පසු මෙම ප්‍රහාර එල්ලවී ඇත.

තුවාල ලැබූවන් අතර සහන සේවකයින් සහ නිලධාරීන් ද සිටින අතර අග්‍රාමාත්‍ය මේන් අබ්දුල්මාලෙක් මහතා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.

මෙය හවුති කැරළිකරුවන්ගේ බියගුලු ත්‍රස්ත ක්‍රියාවක් බව යේමන රජය චෝදනා කරයි. නමුත් මෙතෙක් එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.

පිපිරීම් ආරම්භ වීමත් සමග ඇමතිවරුන් පිළිගැනීම සඳහා ගුවන්තොටුපලේ රැස්ව සිටි පිරිසක් පලායන අයුරු වීඩියෝ දර්ශන මගින් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ අවම වශයෙන් පිපිරීම් දෙකක්වත් සිදුවූ බවයි. රොයිටර් පුවත් සේවයට ආරක්ෂක අංශ පවසා ඇත්තේ ෂෙල් වෙඩි ප්‍රහාර තුනක් එල්ලවූ බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්