නවතම පුවත්

වනාතවිල්ලුවේ පක්ෂීන් මිය ගියේ කුරුළු උණ හේතුවෙන් නොවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 

විල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව  රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වැලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.

පශු වෙද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කුඹුරු යාය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් ජෛව පටල සාම්පල පරික්ෂා කිරිමේදි කුරුළු උණ රෝග ලක්ෂණ නොතිබු බවයි.

වනාතවිල්ලු එළුවන්කුලම රාල්මඩුව කුඹුරු යාය තුල මෙසේ පක්ෂීන් දසකට ආසන්න සංඛ්‍යාවක්  ගෙවි ගිය සතියේ හදිසියේ මරණයට පත්ව තිබුනී

මෙසේ මරණයට පත්වු පක්ෂීන්  එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා , සරල වි කුරුල්ලා , ‍ගෙල කළු කුරුල්ලා ,මහ ටිකිරිත්තා,කිරුළළු බිම් රිට්ටා  යන කුඩාම පක්ෂී විශේෂය බව කියයි.

කෙසේ වෙතත් වනජිවි පශු  වෛද්‍යවරයා පවසා සිටිය් අදාල පක්ෂින් බැක්ටිරියාවකින් හෝ වෙනත් වෛරසයකින් මරණයට පත්ව ඇත්දැයි සොයා බැලිමට පරික්ෂණ අරඹා ඇති බවයි.

ඒ සමගම මෙම පක්ෂින්ට මරණයට පත්වු කුඹුරු යාය තුළදි යම් විසක් ශරිරගතව ඇත්දැයි සොයා බැලිම කල හැක්කේ රජයේ රස පරික්ෂකවරයාට බවත් ඒ සදහා මේ වන විට අදාල පක්ෂින්ගේ කොටස් රජයේ රස පරික්ෂක වෙත යැවිමට කටයුතු කර ඇති බවයි .

කෙසේ නමුත් අදාල පක්ෂින් මරණයට පත්විම සිදුවු කුඹුර  හා අවට නිරික්ෂණය කිරිමේන් පසුව පක්ෂීන් මරණයට පත්ව තිබිමට ආසන්නම හේතු තවමත් තහවුරු වි නැති බව වනජීවි නිලධාරින් පවසයි.

නමුත් අදාල පක්ෂීන් මරණයට පත්වු කුඹුරට වි ඉසිම සිදුකර ඇත්තේ මෙම  පක්ෂීන් මරණයට පත්විමට  දින කිපයකට පෙර බවත් ඒ හේතු සැලකිල්ලට ගෙන වනජීවි නිලධාරින් කුඹුරේ පසු හා ඉස තිබු වි සාම්පලයක්ද රස පරික්ෂකට යැවිමට කටයුතු කර තිබුනී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්