ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු. ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.
![](https://i1.wp.com/bizreport.lk/wp-content/uploads/2021/05/Port-City-Colombo-donates-Rs.-2-mn-worth-PPE-8.jpg?resize=696%2C392&ssl=1)
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට ත්‍රිවිධ හමුදාව සමග එක්වී, උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා කිලෝමීටර් 30 ක පමණ වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. එහෙත්, එම කටයුතු වල නියැළෙන්නන්ගේ ආරක්ෂාව උදෙසා නිසි පුද්ගලික ආරක්ෂණ උපාංග කට්ටල නොමැති වීම විශාල ගැටලුවක් වී පැවතුණි.
![](https://i0.wp.com/bizreport.lk/wp-content/uploads/2021/05/Port-City-Colombo-donates-Rs.-2-mn-worth-PPE-1.jpg?resize=696%2C392&ssl=1)
ඒ සම්බන්ධයෙන් එම ආයතනය ඉදිරිපත් කළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වමින්, අත්වැසුම් 1,000 ක්, ආරක්ෂක ඇස් කන්නාඩි 1,000 ක්, පා ආවරණ කට්ටල 950 ක්, මුඛ ආවරණ 1,000 ක් සහ සවල් 204 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කළේ ය.
![](https://i0.wp.com/bizreport.lk/wp-content/uploads/2021/05/7B0A7492.jpg?resize=696%2C464&ssl=1)
CHEC Port City Colombo වෙනුවෙන් එහි පරිසර උපදේශක ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. විජේසූරිය, මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ China Harbour Engineering සමාගමේ පරිසර නිලධාරී මංගල ජයනෙත්ති යන මහත්වරුන් විසින් අදාළ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ජේ. එම්. ගුණසේකර සහ ගණකාධිකාරී ඩී. ආර්. සී. ජයවර්ධන යන මහත්වරුන් වෙත කොළඹ වරාය නගර පරිශ්‍රයේදී භාරදෙන ලදි.
![](https://i2.wp.com/bizreport.lk/wp-content/uploads/2021/05/Port-City-Colombo-donates-Rs.-2-mn-worth-PPE-3.jpg?resize=696%2C392&ssl=1)
කොළඹ වරාය නගරය විසින් සිදුකරන ලද මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ජේ. එම්. ගුණසේකර මහතා, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය හා සමුද්‍රීය පරිසරය සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දරන උත්සාහයට කොළඹ වරාය නගරයෙන් ලැබෙන නිරන්තර සහයෝගය සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පළකළේ
Port City Colombo donates Rs. 2 mn worth PPE to support cleanup of hazardous debris washed ashore after ship fire
Port City Colombo donated over Rs. 2 million worth Personal Protective Equipment (PPE) to the Marine Environment Protection Authority (MEPA) recently (28) to support its ongoing efforts to clean up the debris and chemical waste collected on the coastline resulting from the MV X-PRESS PEARL ship fire.