රංජන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කිරිමට කල ඉල්ලීම කථානායක අහක දමයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.

තමන්ට ප්‍රකාශයක් කිරිමට අව්‍ය බව රංජන් රාමනායක මහතා ඉල්ලා සිටියද කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය යන අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාවක් ලබාගෙන අවශ්‍ය ප්‍රකාශය කළ හැකි බවත් කථානායකවරයා දැනුම් දුන්නේය.