රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්‍යාලයක් CID පරීක්ෂාවට

Picture of අසංක

අසංක

නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොණරාගල ප්‍රදේශයේ පිහිටි කාර්යාලය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ සෝදිසියකට ලක් කරමින් සිටියි.

ඒ එම කාර්යාලය තුළ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් හේතුවෙනි.

එම කාර්යාලයේ සේවකයකු ඊයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පවසා ඇත්තේ එම කාර්යාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවයි.

මේ අනුව අද මෙම විශේෂ වැටලීම ක්‍රියාත්මක කර තිබේ.