නවතම පුවත්

රජයට සම්බන්ධ සියලුම ආයතනවල සභාපති වැටුප්- වියදම් සීමා කර චක්‍රලේඛයක්

අසංක

අසංක

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් දක්වා අඩු කරමින් හා සෙසු වියදම් සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව යුතුවයි.

මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ නියෝජිතායතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයට අයත් බැංකු හා රක්ෂණ සමාගම්, පූර්ණ හෝ අර්ධ රාජ්‍ය ආයතන හා අනුබද්ධ සමාගම් වෙත අදාළ වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවැති ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු අහෝසි වේ.

මේ යටතේ ඉදිරියේදී සභාපතිවරයාට හිමි මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් දක්වා සීමා වේ.

අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබාදිය යුතු අතර වෙනත් කිසිදු දීමනාවක් ඇතුළත් නොකෙරේ.

සභාපතිවරුන් සඳහා භාවිත කළ හැකි වන්නේ එක් නිල රථයක් පමණයි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන වියදම් අවම කළ යුතු අතර සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා නව කාර්‍යාල පරිශ්‍ර ලබාගැනීම ද මෙමගින් අත්හිටුවා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්