නවතම පුවත්

රජයෙන් ඉල්ලුවත් කුවේට්හි ලාංකිකයන්ට PCR පරීක්ෂණ කර නෑ

අසංක

අසංක

කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවධාරණය කර සිටී.

මෙම ශ්‍රී ලාංකිකයින් පීසීආර් පරීක්ෂණයට ලක්කරන ලෙස තම කාර්යාලය එරට විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය දැනුම් දුන් බවද කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී

නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයින් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාම ලිඛිතව කුවේටයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් , එය සිදු කළ නොහැකි බවත්, කොවිඩ් වෛරස රෝග ලක්ෂණ පිළිබඳව පමණක් පරික්ෂා කල හැකි බවත් එම අමාත්‍යංශය සඳහන් කර ඇත

කුවේට් රාජ්‍යයෙන් පිටත්ව යන, කිසිවෙකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බවද එරට විදෙස් අමාත්යංශය මෙහිදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්