නවතම පුවත්

මැදපෙරදිග සිරවූ ලාංකිකයන් ගෙන්වීමට රජය තීරණය කරයි

අසංක

අසංක

මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

විදේශයන් හී නීත්‍යානුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන්ට ප්‍රමුඛතාවය ලබා දීමට රජයට සිදුවන බවත් ඒ අනුව මෙම ශ්‍රමිකයින් ගෙන්වීම ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය.

, ඊට අමතරව ⁣ලිඛිත සාක්ෂි සහිත වෛද්‍යමය හදිසි තත්වයන් ද විශේෂ අවස්ථා ලෙස සලකා එවැනි පිරිස්ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍යවරයා කියා සිටියේය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා සිර වී සිටින ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කවරකුට ද යන්න අදාල තානාපති කාර්යාල ප්‍රධානියා විසින් එම කාර්යාලයන්හි සේවය කරනු ලබන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරීන් සමග සාකච්ඡා කොට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස පිළිපදින්නැයිද විදේශ අමාත්‍යවරයා විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් ලබා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්