නවතම පුවත්

රජයේ කිසිකෙනෙකුට දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ වීම තහනම්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙරට රජය හෝ රජය නියෝජනය කරන කිසිදු ආයතනයකට අයත් පුද්ගලයෙකු , දුම්කොළ කර්මාන්තය හෝ ව්‍යාපාරය සමග කිසිදු සබඳතාවයක් නොපැවැත්විය යුතු බවත් එම සම්මුතීන්ට පටහැනිව සිදුකෙරෙන පත්වීම් ආදිය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය අවධාරණය කර සිටී .

විශේෂයෙන්ම දුම්කොළ කර්මාන්තයට හා ව්‍යාපාරයට සබඳතා ඇත්තවුන් , රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට එක්වෙමින් ඊට අදාළ මණ්ඩල හා කමිටුවලට පත්වී ඇත්ද යන්න පිළිබඳවද දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය දැඩි අවධානයකින් පසුවන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අප වෙබ් අඩවියට පැවසීය .

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භ කරන ලද ප්‍රථම ගෝලීය මහජන සෞඛ්‍ය සම්මුතිය වන ‘ දුම්කොළ පාලනය පිලිබඳ නීතිමය රාමුව” ට අත්සන් තැබූ ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාව බවත් , රජය හෝ රජය නියෝජනය කරන කිසිදු ආයතනයකට අයත් පුද්ගලයෙකු , දුම්කොළ කර්මාන්තය සමග සබඳතාවයක් පැවැත්වීම මෙම නීති රාමුවට අනුව සපූර්නයෙන්ම නීති විරෝධී වන බවත් රාජසූරිය මහතා මෙහිදී පැවසීය .

මෙහිදී මෙම නීති රාමුව පිලිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද පැවසීය .

“දුම්කොළ වසංගතය මේ වනවිට තනි රටක පාලනයෙන් ඔබ්බට ගිය, ජාත්‍යන්තර බූවල්ලෙකුගේ එසේත් නැතිනම් පිලිකාවක තත්වයකට වර්ධනය වෙලා.

දුම්කොළ වසංගතය මෙලෙස ලෝකය පුර ව්‍යාප්තවීම ට පිළිතුරක් වශයෙන් තමයි දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) ඇති කර ඇත්තේ, මෙහි ඇති වැදගත්ම වගන්තියක් ලෙස එහි අංක 5.3 දරන වගන්තිය හැඳින්විය හැකියි .

වාණිජ හා අනෙකුත් දුම්කොළ කර්මාන්තයේ අරමුණුවලින් පොදු මහජන සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීම සඳහා මෙම වගන්තිය හරහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.රජයේ හෝ රජයේ කිසිදු ආයතනයකට සම්භන්ධ අයෙකුට මේ අනුව දුම්කොළ කර්මාන්තය් සමග කිසිදු සම්භන්ධයක් තිබෙන්නට බැහැ.

නමුත් දුම්කොළ කර්මාන්තය හා ව්‍යාපාරය සමග සබදතා ඇති ඇතැම් පුද්ගලයින් රාජ්‍ය ආයතන හා මණ්ඩල වල තනතුරු ලබාගනිමින් , රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට පවා දායක වනවා. එහිදී ඔවුන් ජනතාව හා රජයද නොමග යවමින් දුම්කොළ කර්මාන්තයට හා ව්‍යාපාරයට වාසි සහගත තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙලෙස දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව උල්ලංඝනය වන අවස්ථා පිළිබඳව අප අවධානයෙන් පසුවනවා. ඊට අදාලව පියවරයන් ගැනීමට අප කටයුතු කරනවා .

මෙම නීතිමය රාමුව උල්ලංඝනය වන අවස්ථා පිළිබඳව මහජනතාවටද , දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය වෙත තොරතරු ලබාදිය හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්