නවතම පුවත්

රජයේ ප්‍රමුඛතාව, වැටී ඇති ආර්ථිකය ශක්තිමත් කිරීමටයි – ජනපති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කිරීමටද ප්‍රමුඛතාවය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කොළඹ පැවති 32වන රොටරි දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනගන බවටද එහිදී සහතික වුණා.

එමෙන්ම, රටේ ආර්ථික ගැටලුව විසදා ගැනීමත් සමඟ තවදුරටත් ජනතාවට පීඩාවට පත් වීමට ඉඩ නොතබන බවත් රජය සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ඒ වෙනුවෙන් බවද ජනාධිපතිවරයා පැවසුවා.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත් ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවයි. රටක නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකියි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෙවනුව ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම රට අරාජිකත්වයේ මාවතේ පහළට ගෙන යාමට තමා කිසිවිටෙක ඉඩ නොතබන බව රටේ නීතිය හා සාමය සහතික කිරීමට කැප වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිීදී වැඩිදුරටත් අවධාරණය කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්