නවතම පුවත්

හිටපු මන්ත්‍රීට පහරදී කොල්ලකෑ සම්බාහනකරු අල්ලයි

අසංක

අසංක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩික්ෂන් පෙරේරා මහතාට පිහියක් පෙන්වා බිය ගන්වමින් ඔහුගේ ගෙලසිරකර පහරදී නිවස කොල්ලකෑ සම්බහනකරුවෙක් අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර ඇත.

සම්බහන කටයුතු සඳහා මන්ත්‍රීවරයාගේ දෙහිවල ගල්වල පාරේ පිහිටි නිවසට දෛනිකව පැමිණෙන බව කියන මෙම තරුණයෙක් මෙසේ පසුගිය 14 වෙනිදා මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය කියයි. එහෙත් මේ ගැන පොලීසියට ඔහු පැමිණිලි කර ඇත්තේ ඊයේ (16)ය.

චන්ද්‍රිකා ආණ්ඩුව සමයේදී පොදු පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයන් තේරීපත්වූ ඩික්සන් පෙරේරා මහතා මේ වන විට සිටින්නේ දේශපාලන කටයුතුවලින් විශ්‍රාමගෙනය.

පොලීසිය පවසනුයේ නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී මෙම කොල්ලය සිදුකර ඇති බවය. මුදලින් රුපියල් ලක්ෂ දෙකක් සහ රන් භාණ්ඩවලින් රුපියල් දස ලක්ෂ පනස් දහසක් මෙසේ කොල්ලකා පළාගොස් ඇත.

පොලීසිය සඳහන් කරනු ලබනුයේ කොල්ලකරුද දෙහිවලම පදිංචිකරුවෙක් බවය. ඔහු මේ වන විට පළාගොස් සැඟව සිටින බවද ඔහු පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්