නවතම පුවත්

රජයේ පාසල් වැහෙද්දී ජාත්‍යන්තර පාසල් පිරෙයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

අපේ රටේ රජයේ පාසල් වැසී යන විට පෞද්ගලික පාසල් ප්‍රමාණය ඉහළ යාමක් ද රජයේ පාසල්වල සිසුන් අඩුවන විට පෞද්ගලික පාසල්වල සිසුන් වැඩිවීමක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යො දත්ත විශ්ලේෂණයකදී පෙනී ගොස් තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිව නිකුත්කරනු ලබන පාසල් සංගණන වාර්තා සමීක්ෂණයකට ලක් කිරීමේදී මෙම කරුණු අනාවරණය වේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත්කර ඇත්තේ 2021 වර්ෂයට අදාල වාර්ෂික වාර්තාව පමණි.

ඒ අනුව 2021ත් 2017 අතර වර්ෂ පහක කාලයකට අදාලව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ මේ කාලය තුළ රජයේ පාසල් ප්‍රමාණය 48කින් අඩුවී ඇති බවය. සංඛ්‍යා දත්තයන්ට අනුව 2017 වසරේ රජයේ පාසල් 10,194ක් පැවතියද 2021 වසර වන විට පවතිින බවට අධ්‍යාපන අමාත්‍යාාංශයේ සංඛ්‍යා දත්ත පෙන්වනු ලබන්නේ පාසල් 10,146කි. ඒ අනුව පෙනී යන්නේ 2017 වසරට සාපේක්ෂව 2021 වසරේ රජයේ පාසල් සංඛ්‍යාව අඩුවී ඇති බවය.

එහෙත් 2017 වසරේ පෞද්ගලික පාසල් 80ක් මෙරට පැවති බව එම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. එම පාසල් අතරින් වැඩිම පාසල් ප්‍රමාණයක් එම වසරේ ක්‍රියාත්මකව තිබී ඇත්තේ කොළඹය. එම ගණන 48කි. ඊළඟට වැඩියෙන්ම පෞද්ගලික පාසල් සංඛ්‍යාවක් තිබී ඇත්තේ මධ්‍යම පළාත තුළය. එම ගණන 12කි. ඊට පසු වැඩිම පෞද්ගලික පාසල් සංඛ්‍යාවක් තිබී ඇත්තේ දකුණු පළාත තුළය. එම ගණන 08කි. නැගෙනහිර පළාත හැරුණු කොට සෑම පළාතකම එම වසරේ එක පුද්ගලික පාසලක් හෝ ක්‍රියාත්මකව තිබී ඇත.

2021 වසර වන විට රටේ පැවති බව සඳහන් පෞද්ගලික පාසල් ගණන 93කි. වැඩිම පාසල් ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ තිබෙන අතර එම ගණන 58කි. ඒ අතරින්ද වැඩිම පෞද්ගලික පාසල් ප්‍රමාණයක් ඇත්තේ කොළඹය. එම ගණන 30කි. ගම්පහ 20ක්ද කළුතර 08ක්ද වශයෙන් බස්නාහිිර පළාත තුළ සෙසු පෞද්ගලික පාසල් ප්‍රමාණය විසිරී ගොස් ඇත. දෙවැනියට වැඩිම පෞද්ගලික පාසල් ප්‍රමාණයක් ඇත්තේ මධ්‍යම පළාත තුළය. එම ගණන 14කි. මහනුවර 10ක්, මාතලේ 02ක් සහ නුවර එළිය 02ක් වශයෙන් එම පාසල් 14 බෙදී ගොස් තිබේ. තෙවැනියට වැඩිම පෞද්ගලික පාසල් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ දකුණු පළාත තුළය. එම ගණන 09කි. මාතර 06ක්, ගාල්ල 022ක් හා හම්බන්තොට 01ක් වශයෙන් දකුණු පළාතේ දිස්ත්‍රීක්වල පෞද්ගලික පාසල් 2021 වසරේ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

2021 වසරවන විටත් පෞද්ගලික පාසලක් නොමැති පළාත ලෙස සැළකෙන්නේ නැගෙනහිර පළාතය. ඒ අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ 2017 වසරට සාපේක්ෂව 2021 වසරේ පෞද්ගලික පාසල් සංඛ්‍යාව 13කින් ඉහළ ගොස් ඇති බවය. රජයේ පාසල්වල 2017 වසරවන විට අධ්‍යාපනය ලැබූ සිසුන්ගේ ගණන 4,165,964 දෙනෙකි. 2021 වසරේ එම ගණන 4,048,937 දෙනෙක් ලෙස සඳහන්ව ඇත. ඒ අනුව සැළකීමේදී 2017 වසරට සාපේක්ෂව 2021 වසර තුළ රජයේ පාසල්වල සිසුන්ගේ ප්‍රමාණය 117,027 කින් අඩුවී ඇති ඇති බවය. මෙම පස්වසර තුළ රජයේ පාසල්වල වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටි වසර ලෙස සැළකෙන්නේ 2018 වසරයි. එම වසරේ සිසුන් 4,214,772 දෙනෙක් අධ්‍යාපනය ලබමින් සිට ඇත.

එහෙත් 2019 වසර වන විට එකවරම විශාල වශයෙන් සිසුන්ගේ අඩුවීමක් වාර්තා වී ඇත්තේ 153,119ක් ලෙසිණි. මෙතරම් විශාල ප්‍රමාණයක් සිසුන් රජයේ පාසලක අඩුවීමක් මෙයට පෙර කිසිදු වසරක දක්නට ලැබෙන්නේ නැත.

මෙම තත්වය සුවිශේෂි තත්වයක් වූවත් එසේ දරුවන් විශාල ප්‍රමාණයක් එකවර අඩුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිලි කිරීමක් කිසිදු ලේඛනයක සොයා ගන්නටද නැත. සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන ආකාරයට අනුව පෞද්ගලික පාසල්වල තත්ත්වය ටිකක් හොදය. පෞද්ගලික පාසල්වලට අද වන විට ඇත්තේ ලොකු ඉල්ලුමකි. එසේම රජයේ පාසල්වලට නොමැති තරම් තරගයක් ඇති පෞද්ගලික පාසල් කිහිපයක්ද මෙරට ස්ථාපිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වන කරුණක් වන්නේ 2017 වසරට සාපේක්ෂව පෞද්ගලික පාසල් වල අධයාපනය ලබන සිසුන්ගේ ගණන 2021 වසරේදී 2366කින් ඉහළ ගොස් ඇත. එය විශාල ඉහළ යාමක් නොවූවත් පෞද්ගලික පාසල් වලට ඇති ඉල්ලුම නම් මේ වන විට ඇත්තේ ඉහළ ගොසිනි.

සංඛ්‍යාදත්තයන්ට අනුව 2017 වසරේ මෙරට පිහිටි පෞද්ගලික පාසල් 80 තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන්ගේ ගණන 136,462කි. 2021 වසරේ එම ගණන සටහන් වන්නේ 138,828ක් ලෙසිණි. ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 2021 වසරේ පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුලත්වීම ඇත්තේ සුළුහෝ වැඩිවීමකි.

රජයේ පාසල්වල 2017 වසරට සාපේක්ෂව 2021 වසරේ ගුරුවරුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරති. සංඛ්‍යාදත්තයන්ට අනුව එම වැඩිවීම 4563කි. සංඛ්‍යාදත්තයන්ට අනුව 2017 වසරේ ගුරුවරුන් 241,591 දෙනෙක් රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස කටයුතුකර ඇති අතර එය 2021 වසර වන විට ඉහළ ගොස් ඇත්තේ 296,054ක් ලෙසිනි.

මෙම පස් වසරක කාලය තුළ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ වැඩිම ගුරුවරුන් පිරිසක් රාජයේ පාසල්වල සේවයකර ඇත්තේ 2020 වසරේදී බවය. එම වසරේ සංඛ්‍යා දත්තයන්ට අනුව ගුරුවරුන් 249,494 දෙනෙක් රජයේ පාසල්වල සේවයේ නිරතව සිට ඇත.

එහෙත් 2021 වසර වන විට එම ගණන 3440කින් අඩුවී ඇත. මේ තත්ත්වයට හේතුවක් අධ්‍යාපන අමාතයාංශය පැත්තෙන් පැහැදිලි කිරීමක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාදත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ මෙම රජයේ පාසල්වල ඉගැන්වීම්කරන පිරිමි ගුරුවරුන්ගේ සංඛ්‍යාව ක්‍රමික අඩුවීමක් සිදුවෙමින් පවතින බවය. ඊට සාපේක්ෂව කාන්තා ගුරුවරුන්ගේ ප්‍රමාණය ඉහළ යාමක්ද පෙන්නුම් කෙරේ. 2017 වසර තුළ රජයේ පාසල්වල දරුවන්ට ඉගැන්වීම් කළ පිරිමි ගුරුවරුන්ගේ ගණන 64,635 දෙනෙකි.

එහෙත් 2021 වසරේදී රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවයේ නිරතව සිටින්නේ 58,535 දෙනෙක් පමණි. ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 2021 වසර තුළ පිරිමි ගුරුවරු 6100ක අඩුවීමක් සිදුව තිබේ. 2017 වසරේ රජයේ පාසල් වල ඉගැන්වීම්කල ගුරුවරියන්ගේ ගණණ 176,954 දෙනෙකි. 2021 වසරේ එම ගණන 182,519 දෙනෙකි. ඒ අනුව පෙනී යන්නේ 2017 වසරට සාපේක්ෂව 2021 වසර තුළ ගුරුවරියන් ගෙ වැඩිවීමක් සිදුව ඇති බවය. ඒ 556කිනි.

මෙම පස් වසර තුළ ගුරුවරියන් වැඩිපුරම සේවයේ නිරතව සිට ඇත්තේ 2020 වසරේදීය. එම ගණන 187, 747 දෙනෙකි. 2020 වසරට සාපේක්ෂව සැසදීමේදී නම් 2021 වසරේදී ගුරුවරියන් 5228 දෙනෙකුගේ අඩුවීමකි. රජයේ පාසල්වල මෙන්ම පෞද්ගලික පාසල්වලද මේ කාලය තුළ ගුරුවරුන්ගේ ක්‍රමික වැඩිවීමක් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි. 2017 වසර තුළ පෞද්ගලික පාසල්වල සේවයේ නිරතව සිටි සමස්ත ගුරුවරුන්ගේ ගණන 6555කි.

2021 වසරේදී එම ගණන 7776 දෙනෙකි. ඒ අනුව 2017 වසරට සාපේක්ෂව 2021 වසරේ පෞද්ගලික පාසල්වල ගුරුවරුනගේ වැඩිවීම 1221 දෙනෙක් බව සංඛ්‍යාදත්ත වලට අනුව පෙනී යයි. එහෙත් 2020 වසරේදී පෞද්ගලික පාසල්වලද සිටි ගුරුවරු සංඛ්‍යාව ඇත්තේ ඉහළ අගයකි. ඒ 8019ක් ලෙසිනි. කොවිඩ් වසන්ගතයට අපේ රට මුහුණ දුන්නේද මෙම වසර තුළදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්