රජයේ සියලුම විධායක නිලධාරීන්ට ජනවාරි සිට දීමනාවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රජයේ සියලුම විධායක නිලධාරීන්ට ලබන ජනවාරි මස 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කිරීමට නියමිතය .

තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක ද නිරත විය.