නවතම පුවත්

රජයේ සේවකයින් සිකුරාදාට ගෙදර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 4ක් දක්වා අඩුවන බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීවේය.

රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ අදට (5) යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මාදිවෙල කේතුමතී විහාරස්ථානයේ දී පැවති මී පැළ බෙදාදීමේ හා රෝපණය කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය‍වේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්