නවතම පුවත්

රජීව් ගාන්ධිගේ වෙඩි නොවදින කබායත් ප්‍රභාකරන්ට තෑගි දීලා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා, තම “වෙඩි නොවදින ආරක්ෂිත කබාය ” පවා එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙත තෑගී කල බව ඉන්දියාවේ ඒ අයි ඒ ඩී එම් කේ පක්ෂයේ නායක පන්රුටි රාමචන්ද්‍රන් මහතා අනාවරණය කර සිටී.

රජිව් ගාන්ධි මහතා එවකට එල් ටී ටී ඊ සංවිධානයට ඉන්දීය රුපියල් කෝටි පහකට අධික මූල්‍යාධාර ලබාදුන් බවද ඉන්දියාවේ නිව්ස් ටුඩේ මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් රාමචන්ද්‍රන් මහතා පසුගියදා අවධාරණය කර ඇත.

ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා එල් ටී ටී ඊ සංවිධානයේ සහය ලබාගැනීම රජීව් ගාන්ධි මහතාගේ අරමුණ වූ බවද රාමචන්ද්‍ර මහතා මෙහිදී සඳහන් කර ඇත.

රාමචන්ද්‍රන් මහතා 1989 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තබන අවස්තාවටද සහභාගී වූ ප්‍රවීණ දේශපාලනඥයෙක් වන අතර ප්‍රභාකරන් හා ඉන්දීය නායකයින් අතර පැවති රහස් සාකච්ජා කිහිපයකටද සහභාගී වූවෙකි.

ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමල නිජබිම වක්‍රාකාරයෙන් පිළිගෙන තිබු අතර උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධූරය එල් ටී ටී ඊයට ලබාදීමටද රජීව් ගාන්ධි මහතා සූදානම්ව සිටි බව රාමචන්ද්‍රන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රභාකරන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා , ඔහු සමග දිල්ලි නුවරදී සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමට රජීව් ගාන්ධි මහතා පියවර ගත බවත් එහිදී මූල්‍යාධාර පමණක් නිවා තම පුද්ගලික ආරක්‍ෂිත කබයද ප්‍රභාකරන්ට ලබාදුන් බවත් රාමචන්ද්‍රන් මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්