නවතම පුවත්

රටවල් අටක විදේශ අමාත්‍යවරැ ඇෆ්ගනිස්තානය ගැන තීරණාත්මක සාකච්ඡාවක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තජිකිස්තානයේදී අද පැවැත්වෙන ෂැංහයි කෝපරේෂන් හෙවත් ෂැංහයි සහ⁣යෝගිතා රටවල විදේශ අමාත්‍යවරැන්ගේ සමුලුවේදී ඇෆ්ගනිස්තානයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමට සැලසුම් කර ඇත

තජිකිස්තානයේ ඩුෂන්බේ අගනුවරදී පැවැත්වෙන මෙම සමුලුවට රැසියාව ,චීනය,ඉන්දියාව, පකිස්තානය , උස්බෙකිස්තානය ,කසකස්තානය ,කිර්ගීස්තානය සහ තජිකිස්තානය යන රටවල විදේශ ඇමතිවරැන් සම්බන්ධ වනු ඇත

මේ වනවිට තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන සමග ඉරානයත්,තජිකිස්තානයත් යාකෙරෙන ගොඩබිම් මාර්ග දෙකක් අල්ලාගෙන ඇති අතර උස්බෙකිස්තානය යාකෙරෙන ගොඩබිම් මාර්ගය අල්ලා ගැනීම සදහා සටන් කරන බවයි වාර්තා වේ..

ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවන්ට ආරක්ෂාව ලබාදෙන බව පවසමින් තමන් වෙත භාරවෙන තලේබාන් සංවිධානය විසින් පැවසුවද එසේ භාරවූ ආරක්ෂක අංශ සාමාජිකයන් දරැණු ලෙස ඝාතනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

දශක දෙකකට පසුව වුවද තලේබාන් සංවිධානයේ කෲර ස්වභානය වෙනස් වී නොමැති පසුබිමක මධ්‍යම සහ දකුණු ආසියානු රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ඒකාබද්ධ වැඩපිලිවෙලකට අවතීර්ණවීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත..

මෙම ප්‍රධාන සමුලුවට අමතරව දකුණු ආසියාවට වැදගත් තවත් විදේශ අමාත්‍ය හමු දෙකක් සෙසු සාකච්ඡා ලෙස මෙහිදී පැවැත්වෙනු ඇති බවටද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි ..

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව මෙන්ම ලඩාක් ප්‍රදේශය ආශ්‍රිත දේශසීමා ආරවුල පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.වේ.

.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා