නවතම පුවත්

රටවල් කිහිපයක රාජ්‍ය රහස් අමෙරිකා-ජර්මන් බුද්ධි අංශ රහසේම අරන්

අසංක

අසංක

ලොව පුරා රටවල් රැසක රහස්‍ය රාජ්‍ය තොරතුරු ස්විස්ටර්ලන්ත සමාගමක් හරහා දශක කිහිපයක් තිස්සේ ඇමෙරිකානු හා ජර්මානු බුද්ධි අංශ විසින් ලබාගෙන ඇති බව මේ වනවිට හෙළිදරව් වී ඇත.

ස්විස්ටර්ලන්තයේ ක්‍රිප්ටෝ ඒ ජී නම් සමාගම මෙසේ දෙවන ලෝක යුද්ධ සමයේ සිටම , විවිධ රටවල රාජ්‍ය රහස් , තම තාක්‍ෂණික උපකරණ අධාරයෙන් ලබාගෙන , ඇමෙරිකාව හා ජර්මනිය වෙත ලබාදී ඇති බව ජර්මානු හා ඇමෙරිකානු මාධ්‍ය ආයතන කිහිපයක් විසින්ම අනාවරණය කර ඇත.

මෙම ස්විස් සමාගම , දෙවන ලෝක යුද්ධ සමයේදී රටවල් රැසකට රහස් පණිවුඩ යැවීමේ කේතන යන්ත්‍ර අලෙවි කර ඇති අතර . අනතුරුව එම උපකරණ හරහා යැවෙන පණිවුඩ හා තොරතුරු එම රටවලටද රහසින් විකේතනය කර කියවීමට සමාගම කටයුතු කර ඇත.

පසුව එම රටවලටද හොර රහසින් ඒවා ඇමෙරිකාවට හා ජර්මනියට ලබාදීමටද මෙම ස්විස් සමාගම පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වාදේ.

ජර්මනියේ හා ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා විසින් මෙම ස්විස් සමාගමේ හිමිකාරීත්වය ලබාගෙන තිබු බවටත් , එය එම ආයතනය වෙතින් කේතන උපකරණ මිලදී ගත් රටවල් නොදැන සිටි බවටත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත.

ඉරානය , ඉන්දියාව හා පකිස්තානය වැනි රටවල තොරතුරු රැසක් මෙසේ ඇමෙරිකානු හා ජර්මානු බුද්ධි අංශ ලබාගෙන ඇති බවද මේවනවිට හෙළිවී ඇත.

කෙසේ වෙතත් චීනය හා රුසියාව මෙම ස්විස් සමාගම පිලිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් එහි නිෂ්පාදිත කේතන යන්ත්‍ර මිලට ගෙන නොමැති අතර එබැවින් එම රටවල් දෙකෙහි රහස් පණිවුඩ ලබාගැනීමට ,ඇමෙරිකාවට හා ජර්මනියට නොහැකිවී ඇති බවද වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්