නවතම පුවත්

රටවල් 109ක් කොරෝනා ගොදුරේ – COVID 19 වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රෝගීන් 94%කට සනීපයි

* චීනයේ කොරෝනා පැතිරීම පහළ යයි

* ආසාදිතයින් ලක්ෂය පනී – 80000ක්ම චීනයේ

* ලෝ පුරා මරණ අනුපාතය 6%යි

* ඉතාලියේ මිලියන 16ක් නිරෝධායනයේ

ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට ගොදුරුවූවන්ගෙන් 94%ක් මේවනවිට  සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය බලධාරීහු පවසති. ලොව පුරා එම වෛරසය ආසාදිතයින්ගේ මරණ අනුපාතය 6%කි. මේ වනවිට රටවල් 109ක කොරෝනා වෛරසය ආසාදිතයින් 111,554ක් වාර්තා වී ඇති නමුත් ඉන් 62,680ක්ම සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ. කොරෝනා වෛරසයෙන් මේ වනවිට මියගොස් ඇති මුළු සංඛ්‍යාව 3,884කි.

චීනය තුළ ඉරිදා දිනය අවසන් වනවිට  කොවිඩ් 19 හෙවත් නව කොරෝනා  වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 40ක් දක්වාත් මරණ 22ක් දක්වාත් අඩුවී තිබේ.

මෙම මරණ වලින් 21 ක් හුබෙයි පළාතේ සහ එක් මරණයක් ගුවැන්ඩොං පළාතෙන් වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී රෝගයෙන් සුවය ලැබූ පුද්ගලයින් 1,535 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

බරපතල තත්ත්වයේ පසුව රෝගීන් සංඛ්‍යාව 5111ක් දක්වා 153 කින් අඩු වී තිබේ. ඉරිදා අවසන් වන විට චීනය තුළ සමස්ත රෝගීන් 80,735 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 19,016 ක් වෙයි.

සුවය ලැබීමෙන් පසු මුදා හරින ලද රෝගීන් සංඛ්‍යාව 58,600 ක් සහ රෝගයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,119 ක් වෙයි. ඉරිදා අවසානය වන විට හොංකොං විශේෂ පරිපාලන කලාපයේ (SAR) මරණ 3 ක් ඇතුළු තහවුරු කළ රෝගීන් 114 ක්, මැකාවෝ SAR හි තහවුරු වූ රෝගීන් 10 ක් සහ තායිවානයේ තහවුරු කළ රෝගීන් 45 ක් එක් මරණයක් වාර්තා වෙයි.

හොංකොං හි රෝගීන් 59, මැකාවෝ හි 10 ක් සහ තායිවානයේ 15 දෙනෙකු සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ. ඉතාලියේ කොවිඩ් 19 වෛරසය අසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් ඉරිදා දිනය අවසන්වන විට 6,387 ක් දක්වා වර්ධනය වී තිබේ. ඉරිදා දිනය අවසන් වන විට පුද්ගලවයන් 366ක් මියගොස් ඇති අතර සුවය ලැබූ පුද්ගලයන් සංක්‍යාව 622කි.

සෙනසුරාදා සිට ඉරිදා වන විට නව මරණ 133ක් වාර්තා වී ඇති අතර නව රෝගීන් 1326ක් වාර්තා වී තිබේ. ඉරිදා දිනයෙදී වාර්තා වූ මරණ අතරින් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොම්බාර්ඩි කලාපයේ වන එය 113කි.

කොවිඩ් 19 හේතුවෙන් ඉතාලියේ මිලියන 16ක ජනතාවක් නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ. පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා සති දෙකක කාලයක් ඔහුගේ පෞද්ගලික නිවසේදී නිරෝධායනය කරනු ඇතැයි පෘතුගාල ජනාධිපති නිල වෙබ් අඩවිය නිවේදනය කරයි.

පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා උතුරු පෘතුගාලයේ පාසලක සිසුන් අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජනපතිවරයා සිසුන් සමග සමීපව කටයුතු කර තිබේ. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා එම සිසුන් අතරින් එක් සිසුවෙකුට  COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අනුව පාසල වසා දමා ඇති අතර ජනපතිවරයාද නිරෝධානයට ලක්විය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් කළ යෝජනාව ඔහු පිළිගෙන තිබේ.

“සෞඛ්‍ය බලධාරීන්ට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා කිසිදු වෛරස් රෝග ලක්ෂණයක් නොතිබුණද, ඔහුගේ සියලු පොදු කටයුතු ඉදිරි සති දෙකක කාලයක් සඳහා අවලංගු කිරීමට තීරණය කළා” එම වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

පෘතුගාලය තුළ මේ වන විට කොවිඩ් යැයි තහවුරු කළ රෝගීන් 30ක් වාර්තා වෙයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්