නවතම පුවත්

රටවල් 120ක් , එකම අරමුණක් වෙනුවෙන් එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එක් අරමුණක් වෙනුවෙන් එක් හඬක් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මෙමගින් ගෝලීය දකුණේ රටවල් එක් ස්ථානයකට ගෙන ඒමට හැකි වන බවත් එමගින් එම රටවල ප්‍රමුඛතා සහ ඉදිරි දර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ජී20 සමුළුවේ සභාපතීත්වය දරන ඉන්දියාව මෙම සමුළුව මගින් දකුණේ රටවලට විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවත් “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුවට සහභාගී වන රටවලට ජී 20 සමුළුවෙන් එම රටවල් බලාපොරොත්තු වන්නේ මොනවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්”සමුළුව සඳහා රටවල් 120 පමණ ආරාධනා කර තිබෙන බව එම නිවේදනය පෙන්වා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්