අපේ රටේ පොලිස් ස්ථානවලට වැඩිපුරම ලැබෙන පැමිණිලි වන්නේ පවුල් ආරවුල් සම්බන්ධ පැමිණිලි ය.
එම පවුල් ආරවුල් අනියම් සබදතා හේතුවෙන් ඇතිවූ හා ගෘහස්ත ප්රචණ්ඩත්වය හේතුවෙන් ඇතිවන ආරවුල් ලෙසට ද පොලීසිය වර්ගීකරණයකට ලක්කර තිබේ.
මෑත කාලයේ සිට එවැනි පවුල් ආරවුල් රට තුළ ක්රමික අඩුවීමක් පෙන්නුම් කරන බව පොලිස් සංඛ්‍යාලේඛන දත්ත විශ්ලේෂණය කිරීම මගින් අනාවරණය වේ.