නවතම පුවත්

රටේ වනගහනය පහත වැටේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2021 වසර මෙන්ම 2022 වසරේත් ශ්‍රී ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ 1882 වසරේ සියයට 83 තිබූ මෙරට වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බවයි.

එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

2021 වසරේ සිදු වු දැවැන්ත පාරිසරික විනාශය අනුව දිනකට අක්කර 65 බැගින් වනාන්තර විනාශ වූ බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සිදු කළ ගවේෂණයකදී හෙළි වී ඇත්තේ.

ග්ලෝබල් ෆොරස්ට් වොච් සංවිධානයේ දත්තවලට අනුව 2002න් පසු මේ දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික වනාන්තර සියයට 5යි දශම 3ක් විනාශ වී තිබෙනවා.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව තුළ ද දේශගුණික විපර්යාස හේතුවෙන් විශාල වෙනස්කම් ගණනාවක් 2022 වසර තුළ සිදු වූ බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව දෙසැම්බර් මස 25, 26 දින වල මහනුවර යට කළ විශාල ගංවතුර, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, හම්බ

න්තොට ආදී ප්‍රදේශවල ඇතිවූ දරුණු වියලි ස්වභාවයද ඊට උදාහරණ ලෙස පෙන්වා දී තිබෙනවා.

සෑම වසරකම මෙන්ම ස්වභාවිකව හට ගන්නා පලතුරු වල ප්‍රමාණාත්මක අඩුවීමක් මේ වසරේ ද දක්නට ලැබුණු බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසන්නේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඵලදාව හට ගැනීමට පෙරම පලතුරු ගස් වල මල් බිම වැටීම ඊට හේතු වී තිබෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්