නවතම පුවත්

ලබන සතියේ සිට බිත්තර ආනයනයට පියවර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සඳුදා දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් බිත්තර ආනයනය කිරීමේ වගකීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට පවරා දී ඇති බ‍ව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

ඒ අනුව, බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරා ගැනීමේ කටයුතු ලබන සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතය.

ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව ලබන සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව රුපියල් 45 කටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයින්ට සහනදායී මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බිත්තර මිල ඉහළයාම හමුවේ පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීම සඳහා අවශ්‍ය බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය 2 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණි.

එහිදී බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමි විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්