නවතම පුවත්

රටේ සෞභාග්‍යයේ දැක්මට DSM නොමිලේ සේවා සපයනවා – DSM කළමනාකාර අධ්‍යක්ෂ වරලත් ගණකාධිකාරී චන්දන ගමගේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සය වසරක විශිෂ්ටත්වයෙන් ඉදිරියට පිය නගමින් සිටින දකුණු ලක ප්‍රධාන වරලත් ගණකාධිකාරි ආයතනයවන DSM, සිය සේවා පුළුල් කරමින් සෞභාග්‍යයේ දැක්මට සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර ආරම්භ කරන ව්‍යවසායකයන් උදෙසා නොමිලේ උප‍දේශන සේවා ආරම්භ කර ඇත.
DSM සමග පුරා සය වසරක් වරලත් ගණකාධිකරණ ක්ෂේත්‍රයේ සේවා ලබාගන්නා ගණුදෙනුකාර භවතුන් උදෙසා සේවා විශිෂ්ටත්වය තවත් පුළුල් කිරීම පිළිබදව දැනුම්දීම වෙනුවෙන් ගාල්ල ආරාධනා හෝටලයේ පසුගිය 21 වැනිදා සවස පැවැති උත්සවයේදී DSM කළමනාකාර අධ්‍යක්ෂ වරලත් ගණකාධිකාරී චන්දන ගමගේ මහතා මේ බව සදහන් කළේය.
වරලත් ගණකාධිකරණ සේවා තවත් සමීප කරමින් ගණදෙනුකාර භවතුන්ට එම සේවාවන් ජංගම දුරකථන ඇප් මාර්ගයෙන් ඉදිරියේදී වඩා කාර්යක්ෂම හා විශ්වාසනීය ලෙස සමීප කිරීමට DSM ආයතනය පියවර ගන්නා බව හෙතම විශ්වාසය පළ කළේය.
දකුණු පළාතේ ගාල්ල කෙන්ද්‍රකරගත් DSM වරලත් ගණකාධිකාරි ආයතනය මේ වනවිට දීප ව්‍යාප්තව විහිදයමින් මූල්‍ය, ඉදිකිරීම්, වෙළදාම්, ඇගළුම්, රෝහල් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ගණකාධිකරණ සේවා ලබාදෙයි.
ඉදිරියේදී වඩාත් විශිෂ්ට සේවාවක් සැපයීම සහ සේවා පුළුල් කිරීමේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරි තුෂාර කාරියවසම් මහතා DSM සමග අත්වැල් බැද ගැනීමද මෙදින සිදුවිය.
DSM සමූහය තුළ දැනට සමාගම් ලේකම් කාර්ය සදහා DSM co-operate, සංචාරක හෝටල උපදේශන හා සැපයුම් සේවා උදෙසා CURA Hotel Consultations PVT LTD, ඉදිකිරීම් කටයුතු සදහා V.K.G Constructions PVT LTD, මාධ්‍ය සම්බන්ධීකරණය හා උත්සව සංවිධානය කළමනාකරණය වෙනුවෙන් Dr. Media දැන්වීම් ප්‍රචාරක ආයතනය ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නියෝජිත ප්‍රධානීන්, ගණුදෙනුකාර භවතුන්, නව ව්‍යවසායකයන් සහ DSM මෙහෙයුම් අධ්‍යක්ෂ ප්‍රසන්න විතානවසම් මහතා ඇතුළු DSM කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්