නවතම පුවත්

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 25 ක් ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භ වූ දා සිට ලොව පුරා අද (30දා) වනවිට අවම වශයෙන් පුද්ගලයින් 25,038,901කට වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා සදහන් කරනවා.

එමෙන්ම මේ වනවිට වෛරසය වැළඳීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 843,238ක් මියගොස් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

2019 දෙසැම්බර් මාසයේදී චීනයෙන් නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ දින සිට ආසාදිතයන් දිනෙන් දින ඉතා දරුණ ලෙස ඉහළ ගොස් තිබේ. ඊට මාස තුනකට වඩා වැඩි කාලයකට පසුව එනම් අප්‍රේල් 2දා ලොව පුරා ආසාදිතයන් මිලියනයක් වාර්තා විය. මෙම සංඛ්‍යාව ජුනි 28දා මිලියන 10ක් වූ අතර එය දෙගුණ කිරීමට සති හයක් ගතවිය.

වෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන් වූ ග්‍රහණය බිඳ වැටෙමින් තිබේ.

වසංගතයේ මුල් අවදියේදී පීඩාවට පත් වූ රටවල්, සමාජ දුරස්ථභාවය හා චලනය පිළිබඳ දැඩි නීතිරීති පැනවීමෙන් පසුව සිද්ධි සංඛ්‍යාත්මකව අඩු කරගැනීමට සමත් විය. නමුත් අගුලු දැමීම ඉවත් කිරීමත්, මුඛ ආවරණ පැලඳීම්, රැකියා අහිමිවීම්, ආර්ථික හානිය සහ අසමානතාව පුළුල් වීමට හේතු වී ඇති වෙනත් සීමා කිරීම් සමග ඇතැම් රටවල මහජනයා අතර ඇති වූ කලකිරීම් හා නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ආසාදන යළිත් ඒ රටවල් ආශ්‍රිතව වේගවත් වෙමින් තිබේ.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් පිළිබඳ බොහෝ අනාවැකි කියවුණද පෙනෙන ඉසව්වක එවැනි එන්නතක් ගැන තවමත් කතාබහ නොවන පසුබිමක, මෙම අගයන් මෙතැනින් නවතිනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි