මානව හිමිකම් යෝජනා දෙකකින් ඉවත් වන බව රජය ජිනීවා වෙත දැනුම් දෙයි

Picture of අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත රටවල් ගණනාවක් විසින් එකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවලින් 30 /1 සහ 40 /1 යෝජනාවල සම-අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව එම කවුන්සිලය වෙත ශ්‍රී ලංකා රජය දැනුම් දී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම්වරයා ජිනීවා නුවරදී මේ බව දැනුම් දී ඇත.