නවතම පුවත්

රට ඉඳන් එන අයට නිරෝධායන රෙගුලාසි දැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි නැවත වරක් සංශෝධනය කිරීමට   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත .

ජුලි මස 01 වැනි දා සිට ජුලි මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති මෙම සංශෝධිත  රෙගුලාසි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, වෙළෙඳ නාවිකයින්ට, නාවික ආරක්ෂකයින්ට, ද්විත්ව පුරවැසියන්ට, සංචාරකයින්ට සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයින්ට අදාළ වනු ඇත

විදේශ රටවල සිට පැමිණි ලාංකිකයින් වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනෙන අවස්ථාවක මෙම නව රෙගුලාසි නිකුත් කර ඇත .

දිවයිනට ඊයේ(28) දිනයේ පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් සිය දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කල අතර . විදෙස්ගතව සිටි පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හදුනා ගැනීම බරපතල තත්ත්වයක් බවද  යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේය

මෙම නව රෙගුලාසි  යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකයින් හා ද්විත්ව පුරවැසියන් සියලු දෙනා පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙනු ඇති අතර දින 11ත් 14ත් අතර කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරෙනු ඇත

කොව්ඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතර මැදි රෝහලකට ඇතුළත් කිරීමට නියමිත වන අතර පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ලාංකිකයින් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇත.

එහිදී ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිරෝධායනය වෙත යොමු කෙරේ.

දින 14 කට පසු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇත.

මෙරට අනුමත රාජ්‍ය තාන්ත්‍රික විදෙස් කාර්යය මණ්ඩල සාමාජිකයින් හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් මෙරටට පැමිණීමේදී පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවෙස්නයකට හෝ හෝටලයකට යොමු කෙරේ.

ඔවුන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11 ත් 14 ත් අතර කාලය තුළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණය පැවැත්වෙන අතර ඉන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානවලින් මුදා හැරීමට නියමිතය.

එසේම එන්තත්කරණ තත්ත්වය සලකා බැලීමෙන් තොරව මෙරටට පැමිණෙන සියලු විදේශිකයින් පළමු දින පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරේ.

එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරෙනු ඇත.

ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර දෙවන පී.සී.ආර්. පරීක්ෂණයකට ද ඔවුන් යොමු කෙරේ.

ඉන් ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්