නවතම පුවත්

ලබන මාසය තුළ එන්නත් මිලියන 5ක් දිවයිනට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* සති 2ක් තුළ මිලියන 3ක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉදිරි සති දෙක තුළදී සයිනෝෆාම් සහ මොඩර්නා එන්නත් මිලියන 3ක් ලැබීමට නියමිතව තිබේ.

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ ඉදිරි සති දෙක තුළදී ඒවා මෙරටට ලැබෙනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් මාත්‍රා ලැබීමට නියමිතයි.

ඒ අනුව මෙරට කොවිඩ් මර්දනය සඳහා භාවිත කරනු ලබන සිව්වැනි එන්නත් වර්ගය එයයි.

ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්), සයිනෝෆාම්, ස්පුට්නික් වී මෙරට දැනට භාවිත කෙරෙන එන්නත් වර්ග ය.

මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන ජූලි 2 සහ 4 යන දිනවල මෙරටට ලැබෙනු ඇති බවට එම එන්නත් සමමාගම තහවුරු කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් යානා විසින් එම එන්නත් තොග රැගෙන බවට ද තහවුරු කර ඇතැයි චීනි තානාපති කාර්යාලය පවසයී.

සෑම ගුවන් යානයකම මිලියනයක් බැගින් වාර දෙකකදී එන්නත් තොග එවීමට නියමිතය.

ජූලි මාසය තුළ අවම වශයෙන් තවත් එන්නත් මිලියන 2 ක් වත් මෙරට එවීමට සැලසුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්