නවතම පුවත්

රට ගිහින් ඇවිත් ලියාපදිංචි නොවූ අය හෙට සිට අත්අඩංගුවට

අසංක

අසංක

ලෝකයේ කුමන රටක සිට මාර්තු 16 වෙනිදායින් පසු මෙරටට පැමිණි පුද්ගලයින්ට ලියාපදිංචි වීමට ලබාදී ඇති කාලය හෙට 01 දහවල් 12.00 ට අවසන් වීමත් සමග ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් බුද්ධි අංශ සමග එක්ව දියත් කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ අයගේ ඡායාරූප ආගමන විගමන දෙපර්තමේන්තුව සතුව ඇති බැවින් ලියාපදිංචි නොවූ පුද්ගලයින් හදුනාගෙන ඒ අයගේ ඡායාරූප මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා පැවැසීය. ඒ අය නවාතැන් ගෙන සිටින ස්ථාන සහ දේපොල වලට මුද්‍රා තබන බවත් අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් ඔහු අවධාරණය කළේය.

එසේම මෙම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවත් වසර දෙකක් දක්වා බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කිරීටත් ඔවුන්ගේ දේපොල රාජසන්තක කිරීමටත් නීතිමය ප්‍රතිපාදන ඇති බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්