නවතම පුවත්

රට තුල ඖෂධ හිඟයක් නැහැ – දුර්මත ප්‍රචාරය කරන්න එපා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටී ..

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වෙත සඳහන් කලේ  , කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බවය.

මෙරට ඖෂධ නිෂ්පාදන කටයුහුද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකවෙමින් ඇති බැවින් ඉදිරියේදී කිසදු ඖෂධයක හිනගයක් මෙරට තුල ඇති නොවනු ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය .

.වසංගත තත්ත්වයක් පැතිර යන අවස්ථාවක දුර්මත ප්‍රචාරය නොකරමින් වසංගත පාලනයට දායක වන ලෙසද -විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය .

රැපිඩ් ඇන්ටිජන් කට්ටල සහ පී සී ආර් කට්ටල වැඩි මිලකට ලබාගැනීම සම්බන්ධයෙන් දුර්මත මේ දින වල සමාජයේ පැතිරෙන බව සදහන් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදුකිරීම පසුගිය වසරේ නොවැම්බර් මස සිට ඇරඹි අතර ඒවකට රුපියල් 1146කට ලබාගත් ඇන්ටිජන් කට්ටලය මේ වන විට රුපියල් 975කට ලබාගන්නා බවය.

ආරම්භයේදී රැපිඩ් ඇන්ටිජන් කට්ටල නියමිත ප්‍රමිතියෙන් යුතුද යැයි සෙවීමට අපගේ පර්යේෂණාගාර වල පහසුකම් නොදියුණු වූ බැවින් ඒවකට සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තාක්ෂණික කමිටුව විසින් ලබාගත් තීරණය අනූව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදුන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල පමණක් රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට මිලදී ගත් බවද, එදා ඇතිකරගත් ප්‍රමිතිය අද දක්වා පවත්වාගෙන එමින් මේ වන විට අප පර්යේෂණාගාර සතුව ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් පවතින බැවින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදන ආයතන 03ක් සඳහා අනුමැතිය හිමිව ඇති බවද ඔහු පැවසුවේය.

මෙම සියලු ප්‍රසම්පාදන දත්ත www.spc.lk නම් වන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වෙබ් අඩවියෙන් ඖනෑම කෙනෙකුට පරීක්ෂා කර බැලිය හැකි බවද, මෙවැනි වසංගත තත්ත්වයක් පැතිර යන අවස්ථාවක දුර්මත ප්‍රචාරය නොකරමින් වසංගත පාලනයට දායක වෙමින් කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්