නවතම පුවත්

රට පැන්න ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ පැටිකිරිය එළියට

අසංක

අසංක

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ගිය සංඛ නමැත්තා සහ තවත් දෙදෙනකු ඉන්දියාවේ රාමේෂ්වරන්හිදී එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

රණසිංහ ආරච්චිලාගේ සංඛ චිරන්ත නමැති මෙම පාතාල සාමාජිකයා මීට මාස 3කට පමණ පෙර එම්.කළුබෝවිල නමැත්තකු ඝාතනය කර ඇත.

යතුරුපැදියකින් ගොස් ඔහු ඝාතනය කිරීමට එය පැදවූ තැනැත්තා ද ඉන්දියාවේදී සංඛ සමග කොටුවූ එක් සැකකරුවෙකි.

2016 වසරේ දෙමටගොඩ ඉංගම් හන්දියේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව සදහා රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයට ද මොහු සම්බන්ධය.

එහි විමර්ශනවලදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් බ්ලූමැන්ඩල් සංඛ අත්අඩංගුවට ගැනුණු අතර මීට මාස 5කට පමණ පෙර ඔහුට ඇප ලැබී තිබිණ.

ඉහත සදහන් කරන ලද ඝාතනය කර ඇත්තේ එසේ ඇප මත නිදහස් වී ආ පසුවය.

2015 මහමැතිවරණය පැවැත්වෙමින් තිබියදී අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබන ලද්දේ දෙමටගොඩ චමින්ද නමැති පාතාල සාමාජිකයා විසිනි.

එම පාතාල කල්ලිය වෙඩි ප්‍රහාරය එල්ල කර තිබී ඇත්තේ මෙම සංඛ නමැත්තා ඇතුළු පාතාලයේ පිරිසක් ඉලක්ක කොටගෙන ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි වකවානුවේ දී මෙරට පාතාලය තුරන් කිරීමේ මෙහෙයුම හේතුවෙන් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ද ඩුබායිවල ජීවත් වූ අතර ආණ්ඩු පෙරළියත් සමග යළිත් මොහු මෙරටට පැමිණ තිබේ.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්