නවතම පුවත්

රට පුරා ජල ගැටළු විසදන්න අගමැතිගෙන් පොදු යාන්ත්‍රණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඇතුළු ආයතන 15 ක නියෝජිකයෝ මෙම හමුවට එක්ව සිටියහ.

කාර්යක්ෂම හා සාධාරණව ජාතික ජල සම්පත් සංරක්ෂණය හා වෙන් කිරීම තුළින් සමාජයේ හා පරිසරයේ සංස්ථාවල ජල අවශ්‍යතා සපුරාලීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කිරීම මෙම කමිටුව පත් කිරීමේ මූලික අරමුණකි.

ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා පවතින ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, ප්‍රධාන රේඛීය ආයතන අතර සහයෝගීතාවයන් ඇති කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීම, සියලු දෙනාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම, පවතින ජල සම්පත් සංවර්ධනය, සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය හා ඊට සම්බන්ධ ආයතන බලාත්මක කිරීම, ඒකාබද්ධ ජල සම්පත් සංවර්ධනය සහ කළමනාකරණය දිරිමත් කිරීම මෙහි අපේක්ෂිත අනෙකුත් අරමුණුය.

තවදුරටත් පවතින ජල ගැටලු විසඳීම සඳහා වගකීමක් සහ බලයක් සහිත පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම, ජල සම්පත් සපුරා ගැනීමේදී ඇති වන විෂමතා සමනය කිරීම සහ ජලය ආශ්‍රිත ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම, ජල සැපයුම් කළමනාකරණ ගැටලු සඳහා සාර්ථකව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම, ජාතික ජල සම්පත් කළමනාකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, භූ ගත ජල කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, නළ ළිං ඉදි කිරීම අවිධිමත්ව සිදුවීම නිසා ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හා නියාමනයක් ඇති කිරීම යනාදී කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වුණි.

නිවාස යෝජනාවල ජීවත්වන ජනතාව මුහුණ පාන ජල ගැටලු සම්බන්ධව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා එම නිවාස යෝජනා ක්‍රමවල ක්‍රමවත් ජල හා මළ ප්‍රවාහන පද්ධති නොමැති බව පෙන්වා දුන්නේය.

අක්‍රමවත් ඉදිකිරීම් ඔස්සේ ජලය පොළවට උරා ගැනීමට ඇති අවස්ථා අවහිර කිරීම  ජල ගැලීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇති බවත්, නීති විරෝධී ඉදි කිරීම් පාලනය  විය යුතු බවත් මෙහිදී සාකච්ඡා විය.

බස්නාහිර පළාතේ වාර්ෂිකව සිදුවන ජල ගැලීම් නිසා සිදුුවන අලාභය ඇ.ඩොලර් මිලියන 300කට අධිකය. අක්‍රමවත් ඉදිකිරීම් ඊට හේතු වී තිබේ. මෙරට ජල හිඟයක් නොමැති  අතර, සමස්ත ජලයෙන් 50% ක් පමණක් ප්‍රයෝජනයට නොගෙන ඉතිරිය මුහුදට එකතු වන බවද මෙම හමුවේදී හෙළි විය.

නිසි ජල කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඇතිවන මෙම ගැටලු මඟහරවා ගැනීමට ලබන සතියේ පත් කරන නව කමිටුව මසකට වරක් රැස්වීමට නියමිතය. එක් එක් ආයතනවල කරන ලද ව්‍යාපෘති යෝජනා, සමීක්ෂණ වාර්තා මෙම කමිටුවට ඉදිරිපත් කර ජල ගැටලු අවම කිරීම සඳහා කඩිනම් විසදුම් ගැනීමට මෙහිදී තීරණය විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්