රට පුරා ජාතික පාසල් 1000ක්

Picture of අසංක

අසංක

දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත .

එමෙන්ම එම සියළු ජාතික පාසල් සඳහා සමාන පහසුකම් ලබාදීමටද රජය සැලසුම් කර ඇත.

ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.

එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

පාසල් පද්ධතියේ දියුණුව සදහා දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට අවශ්‍යව ඇති බවද ගුරු මාරු සහ පාසල් දරුවන් ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට අවශ්‍ය සෑම කාර්යයකටම හවුල්වීමට දේශපාලනඥයින්ට හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.