නවතම පුවත්

රට වටේම වැස්සත් කාසල්රි සහ මවුස්සාකැලේට වැස්ස නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ඊයේ  (09) වන විට තවදුරටත් පහළ  බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වනවිට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහළ  බැස ඇති බවත්, කාසල්රි ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 19,100 බවත්, එය මේ වනවිට අක්කර අඩි 114 (26.6) දක්වා පහළ  බැස ඇති බවත්  විදුලි බල මණ්ඩලය පවසයි.

එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහළ  බැස ඇති නිසා ජලාශවලට දුපත් රැසක් සහ ජලාශ ඉදි කිරිමේදි යට වු නටඹුන් රැසක් මේ වනවිට එම ජලාශවල රොන් මඩ තට්ටුව තුළ  මල් වර්ගද පිපි තිබේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය ,කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලි  උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවති හොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානිය ජලය සදහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු පැවසිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්