නවතම පුවත්

රත්නපුර-පැල්මඬුල්ල කොරෝනා අධි අවදානමෙන් ඉවතට

අසංක

අසංක

දම්පත් රණසිංහ

අධි අවධානම් කලාපයක් ලෙස නම්කර නැවත දැනුම්දෙන තුරු ඇදිරි නීතිය පනවන ලද රත්නපුර සහ පැල්මඩුල්ල යන පොලිස් බල ප්‍රදේශ දෙක අද සිට අධි අවධානම් තත්වයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදි එම පොලිස් බල ප්‍රදේශ දෙකටත් රත්නපුර දිස්ත්‍රික්කයට ඇදිරි නීනිය පනවන සහ ඉවත්කරන ආකාරයට ඇදිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ පහලොස් හැවරදි පුතුට සහ නැන්දණියට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරුවීමත් සමග ආරක්ෂක පියවරක් ලෙස රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍ර දේශවලට ඉකුත් 09 වෙනිදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන ලෙස ඇදිරි නීතිය පැනවීමට පියවර ගන්නා ලදි.

ඒ වන විට මැණීක් ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිද සහ දියණියද සිටියේ කොවිඩ් 19 වෛරසය ආසාධනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රත්කාර ලබමිනි. ඔහුගේ පහලොස් හැවරදි පුතා සහ නැන්දණිය මෙන්ම මැණීක් ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇසුරු කළ නිවිතිගල එක පවුලක සාමාජිකයින් , රත්නපුර සහ නිවිතිගල පවුල් විස්සකට වැඩි ප්‍රමාණයක සාමාජිකයින් 73 දෙනෙක් සිය නිවෙස් වල රදවා ස්යං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

ඒ කිසිවෙක් කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද මැණීක් ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් දෙදෙනාව කොවිඩ් 19 පරීක්ෂණයකට ඉකුත් 08 වෙනිදා යොමු කර තිබේ. එහි වාර්තාව පසුදින නිකුත් වන විට ඔවුන් දෙදෙනාට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔවුන් දෙදෙනාවද අයි.ඩී.එච්. රෝහලට රැගෙන යාමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ඒත් සමග රත්නපුර සහ පැල්මඩුල්ලට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවමින් ස්යං නිරෝධායනයේ නිරතව සිටි රත්නපුර, පැල්මඩුල්ලසහ නිවිතිගල පදිංචි සියළුම දෙනා නිරෝදායනයට දියතලාව නිරෝධාටයන මධ්‍යස්ථානයට රැගෙන යන ලදි. එහිදී මේ සියළුම දෙනා කොවිඩ් 19 පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ කිසිවෙකුටත් වෛරසය ආසාධනය වී නොමැති බවය. ඒ වන වට ඔවුන් භාහිර සඹාජයට ආවරණය නොවී නිවෙස්වලට වී දින 14 කට වැඩි කාලයක් ස්යං නිරෝධායනය වී සිටි බැවින් බලධාරීන් අද උදෑසව ඒ සියළු දෙනාම සිය නිවෙස් වෙත නැවත රැගෙන ඒමට පියවර ගෙන තිබුණි. ඒ අතර මැණීක් ව්‍යාපාරිකයාගේ බිරිදද සුවය ලබා මෙයට දින දෙකකට පෙර සිය නිවසට පැමිණ ඇත.

නිවසේ සිට ස්යං නිරෝධායනයේ නිරතව

මැණික් ව්‍යාපාරිකයා සහ ඹහුගේ පවුලේ සාමාජිකයින් සමීපව ඇසුරු කළ ස්යං නිරෝධායනයේ සිටි රත්නපුර, පැල්මඩුල්ල සහ නිවිතිගල පවුල් රැසක සාමාජිකයින් 73 ක් 09 වෙනිදා රැගෙන ගියේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්