රන්ජන් නිසා එජාප මන්ත්‍රීලා ගිනිඅවි ආණ්ඩුවට බාරදීමට සූදානමක්

Picture of අසංක

අසංක

රජය විසින් තමන් වෙත නිකුත් කර ඇති ගිනි අවි ආපසු භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත අකාරය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත බවද ආශූ මාරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වුවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බවද ඔහු මෙහිදී පැවසීය

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටිද සොයා ගත් බව කියවෙන නමුත් එවැනි සංයුක්ත තැටි ළඟ තබා ගැනීමද වරදක්දැයි තමන්ට පැහැදිළි නොමැති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ මෙහිදී පැවසුවේය