රන්ජන් නිසා තවත් විනිසුරුවරයකුගේ වැඩ තහනම්

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මාතගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර ඇත.

අධිකරණ සේවා කොමිසන් සභාව විසින් යොමු කරනු ලැබූ නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය අද (21) පස්වරුවේ නිකුත් කර ඇත..

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුලත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබීය